බොබ් මාර්ලී

 බොබ් මාර්ලී


රොබට් නෙස්ටා මාර්ලි, ඕඑම් (1945 පෙබරවාරි 6 - 1981 මැයි 11) ජැමෙයිකානු ගායකයෙක්, ගීත රචකයෙක් සහ සංගීත අධ්‍යක්ෂවරයෙකි. රෙගේ පුරෝගාමීන්ගෙන් කෙනෙකු ලෙස සැලකෙන ඔහුගේ සංගීත දිවිය කැපී පෙනුනේ රෙගේ, ස්කා සහ රොක්ස්ටෙඩි යන අංග මෙන්ම ඔහුගේ සුවිශේෂී වාචික හා ගීත රචනා ශෛලියෙනි. සංගීතයට මාර්ලිගේ දායකත්වය ලොව පුරා ජැමෙයිකානු සංගීතයේ දෘශ්‍යතාව වැඩි කළ අතර දශකයකට වැඩි කාලයක් පුරා ඔහු ජනප්‍රිය සංස්කෘතියේ ගෝලීය චරිතයක් බවට පත් කළේය.  ඔහුගේ වෘත්තිය කාලය තුළ මාර්ලි රස්තෆාරි නිරූපකයෙකු ලෙස ප්‍රසිද්ධියට පත් වූ අතර ඔහු ඔහුගේ සංගීතයට අධ්‍යාත්මික හැඟීමක් ඇති කළේය. ඔහු ජැමෙයිකානු සංගීතය හා සංස්කෘතික හා අනන්‍යතාවයේ ගෝලීය සංකේතයක් ලෙස ද සැලකේ. මරිජුවානා නීතිගත කිරීම සඳහා ඔහු දැක්වූ විවෘත ප්‍රකාශය මතභේදාත්මක වූ අතර ඔහු පෑන්-අප්‍රිකානුවාදය වෙනුවෙන් ද පෙනී සිටියේය.

                         උපුටාගැනීම විකිපීඩියා....


බොබ් මාර්ලී නම් මේ අසහාය ගායකයා ඉපදුනේ 1945 පෙබරවාරි 6 වනදා Nine Mile,British Jamaica හීදිය.
මොහො වෘත්තියෙන් ගායකයෙක් සහ සින්දු ලියන්නෙක්,සංගීත අධ්‍යක්ෂවරයෙක් ලෙස ප්‍රසිද්ධය.
මොහු ජීවත්වූයේ Trenchtown,Kingston,Jamaica හීදිය.
මොහුට දරුවන් නව දෙනෙකු සිටී.
ශාරොන්,කැඩෙල්ලා,ඩේවිඩ්(සිගී),ස්ටෙෆන්,රෝහන්,කැරෙන්,ජේලියන්,කයිමානි,ඩැමේන් මොහුගේ දරුවන් ය.
මොහුගේ දෙමාපියන් වූයේ නෝවල් සින්ක්ලෙයර් මාර්ලී සහ කැඩෙල්ලා බූකර් ය.

                             සංගීත ජීවිතය.

මොහුගේ විශිෂ්ඨතම ශෛලිය වූයෙ රෙගේ ශෛලියය.
තවද මොහු ස්කා,රොක්ස්ටෙඩි සහ ෆොක් යන සංගීත අකාරද ප්‍රගුන කර ඇත.
මොහු ගිටාරය,ඩ්‍රම්ස් වාදනය සහ ගීත ගායනය සිදුකරයි.
මොහු සංගීත ක්ෂේත්‍රයේ 1962 සිට 1981 දක්වා සිටියේය.
මොහුගේ සංගීත කණ්ඩායම වූයේ Bob Marley and the Wailers ය.


අවසානයේදී මේ අසහාය ගායකයා සමේ පිලිකාවක් වැලදී වර්ෂ 1981 මැයි 11 වන දින ඇමරිකාවේ ෆ්ලොරිඩාවේ මියාමි හීදී අභාවප්‍රාප්ත වූහ.ඔහු මිය යන විට ඔහුට වයස අවුරුදු 36 කි. 



                    නැරඹූ සහ කියවූ ඔබට        බෙහෙවින්ම ස්තූතිය පුදකරමි.


 නිර්මානය සෙනුද දම්සිත්...

Comments

Post a Comment

Popular posts from this blog

Galle Fort Sri Lanka

Richmond Castle Sri Lanka